Welcome, visitor! [ Register | Loginrss  |  tw

Mercedes unveils world’s first completely electric semi truck

| Concept Vehicles, Electric Vehicles, Mercedes-Benz | July 31, 2016

Mercedes-Benz created a heavy-duty electric truck for making city deliveries

“ටොන් 26 කින් යුතු බරක්” ගෙන යා හැකි, ‘ඊ ට්‍රක් ලෙස නම් කල’ විදුළි රථයක් මර්සිඩීස් බෙන්ස් සමාගම මගින් එළි දක්වා ඇත. ‘ඩේම්ලර්’ මව් සමාගමෙන් මේ රථය නිෂ්පාදනය කර ඇත.

මෙහිදී මේ වාහනය සියලුම ආකාරයේ මාර්ග තත්වයන්ට සුදුසු වන තෙක් (ස්වයංක්‍රීය පාලනය, වාහන කීපයක් එක්ව පාලනය කිරීම් වැනි හේතු …) වෙළඳ පොළට 2020 වසර තෙක් නිකුත් කරන්නේ නැත. ඩේම්ලර් සමාගමේ පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂක ‘ආචාර්ය වොල්ෆ්ගන් බන්හාර්ඩ්’ කියනා ආකාරයට “පෙර තිබු බැටරි තාක්ෂනය අනුව නම්, විදුළි ට්‍රක් රථයක් යන්න ප්‍රයෝගික නොවේ. එහෙත් ඉතා වේගයෙන් දියුණු වන බැටරි තාක්ෂනය, එහි මිළ, කාර්යක්ෂමතාවය අනුව එය යතාර්ථයක් වන පැහැදිළි ලකුණු නුදුරු අනාගතයේ උදා වේ…”

මේ ට්‍රක් රථය ‘ලිතියම් අයන් බැටරි’ පැක් තුනකින් ක්‍රියාත්මක වන අතර, ඒ බැටරි ආරෝපනයෙන් ට්‍රක් රථයට යා හැකි දුර කිලෝ මීටර් 200ක් වේ. සාමාන්‍ය ඩිලිවරි ට්‍රක් රථයකට මේ දුර ප්‍රමාණය ප්‍රමාණවත් වේය යන්න ‘ඩේම්ලර්’ සමාගමේ අදහස වේ. 2014 වසරේ මේ සමාගමේ අධීක්ෂණය මගින් නිෂ්පාදනය කරන ලද ‘ෆූසෝ කැන්ටර්’ කුඩා විදුළි ට්‍රක් රථය සාර්ථක විය. නව රථය පින්තූරයේ දමා ඇත. එය ස්වයංක්‍රීය ධාවනය සහ, ට්‍රක් එකට සම්බන්ද කර ධාවනය කරවීමට නිෂ්පාදනය කරනු ඇත. එනම් මේ ආකාරයේ ට්‍රක් රථ කිහිපයක් එකට සම්බන්ද කර එක් රියදුරෙක් මගින් පාලනය කිරීම ඉලක්කය වේ. මෙහිදී රියදුරු අසුන සහ වායු සමීකරණ ක්‍රමය, පළමු රථයට පමණක් සීමා කර, ඒ ලැබෙන ඉඩකඩද වාහනයේ බඩු ගෙන යෑමට භාවිතා කල හැකි වේ. මේ ක්‍රමය රොටර්ඩම් සිට බෙල්ජියම තෙක් ට්‍රක් රථ ධාවනයකින් කල පාලක පරීක්ෂනයක් ඉතා සාර්ථක බව ඔප්පු විය.

හිතනවාට වඩා ඉක්මනින් මේ වර්ගයේ මෝටර් රථ සහ ට්‍රක් රථ ලෝකයේ ජනප්‍රිය වන බව පෙනේ. ඇමරිකන් ටෙස්ලා කොම්පැණිය තත්වයෙන් ඉතා උසස් සැහැල්ලු මෝටර් රථ නිෂ්පාදනය කරන විටදී, ඒ හා සමගාමීව යමින්, ලෝකයට අවශ්‍ය විදුළි ට්‍රක් රථ හිඩැස පුරවන්නට, ජර්මනියේ ඩේම්ලර් සමාගම මේ ට්‍රක් රථ නිෂ්පාදනයට සූදානම් වේ.

මේ විදුළි මෝටර් රථ තාක්ෂණයේ ජීවනාළිය බැටරියයි. 1997 වසරේ එක් කිලෝවොට් පැයක් සඳහා යුරෝ 500 ක් බැටරි සඳහා වැය වුවද, 2020 වන විට එයට වැය වන්නේ යුරෝ 200 කි. මේ කරුණ, විදුළි වාහන නිෂ්පාදනයේ විශාල පෙරළියක් ඇති කරනු ඇත.

වායු දුෂණයට ලක්ව ඇති ලන්ඩන්, පැරිස් සහ බර්ලින් වැනි නගරවල ඉතා ඉක්මනින් මේ ට්‍රක් රථ ජනප්‍රිය වනු ඇති යයි ඔවුන් අනුමාන කෙරේ. මේ අකාරයේ රථ නිෂ්පාදනයට යුරෝපයේ බොහෝ පාරිසරික සංවිධාන ශුභ පතයි. ලෝකයේ පොදු විරෝධයකට පත්ව ඇති අරාබි රටවල් වල තෙල් මාෆියාවද, මෙයට එක් හේතුවක් වේ. ලන්ඩනයේ සෝන් 1, 2 සහ 3 යන, ලන්ඩන් නගර මධ්‍යයේ ගමන් කරන ෆොසිල වලින් ක්‍රියාත්මක වන ට්‍රක් රථයකට ගෙවිය යුතු බද්ද, දිනකට පවුම් 10කි. එනම් අවුරුද්දකට පවුම් 3650කි. මෙය ට්‍රක් රථ සමාගම්වලට දැරීමට ලෙහෙසි නැති මිළකි. නමුත් විදුළි වාහනයක් සඳහා ලන්ඩනයේ වාර්ෂික පරිසර බද්ද පවුම් පහකි…!!!

ලංකාවේ වුවද, පරිසරයට ආදරය කරන මිනිසුන් වේගයෙන් වැඩි වන බව පෙනේ. ඒ මිනිසුන් පවතින කිසියම් පාලක පක්ෂයක් මගින් තෘප්තිමත් කල හැකි එක් ක්‍රමයක් නම්, ඒ හඬට ඇහුම් කම් දීමය. ලංකාවේ දැනට ඇති ප්‍රධාන හයි වේ දෙක වන ‘දක්ෂිණ මහා මාර්ගය’ සහ, ‘කටුනායක කොළබ මාර්ගයන්හී ‘ටොල් බදූ’ඉවත් කිරීම ගැන, පාලකයන් සිත යොමු කරන්නේ නම් මැනවි. වේගයෙන් වැඩි වන පරිසර දුෂණය අතරේ වැඩිවෙන ලෝක උෂ්නත්වය, එක් රටකට පමණක් ඇති ප්‍රශ්ණයක් නොවේ. එසේම ‘ටොල් බදූ’ ඉවත් කිරීම, විදුළි වාහන වල බදු අඩු කිරීම වැනි පියවරවල් හරහා ජනප්‍රිය වන විදුළි වාහන නිසා ෆොසිල ඉන්ධන සඳහා වැයවෙන, ණය බරෙන් මිරිකී ඇති අපේ රටෙන් එළියට යන දැවැන්ත විදේශ විනිමය ප්‍රමාණය අඩු කිරීමට පියවර ගත යුතුය.

අප ජීවත්වන මේ ශතවර්ෂයේ විප්ලවීය අදහස් විය යුත්තේ මේවා මිසක, බෝර්ඩ් ලෑලි උස්සාගෙන ලිෆ්ටන් වට රවුම හෝ, නුවර කොළබ පාර අවහිර කිරීම නොවේ.

(Source: By Lalith Karunaratna from Car industrial knowledge)